Posts

කොළ කැඳ

Image
තෝර ගත්ත කොළ වර්ගය හෝදලා, කොටලා එහි යුෂ මිරිකා ගන්නවා. ඊට පස්සේ හාල් මිටක් අරගෙන මැටි වලඳකට වතුර දාල ලිප තියනවා. හාල් තැම්බූනහම කොළ යුෂ එකතු කරලා මද ගින්නේ ලාවට රත් කරනවා. පොල් කිරි අවසානෙට දමන්න. නමුත් නටවන්න එපා. මදක් රත් වෙද්දීම අරගෙන හකුරු සමග හරි නිකම් හරි බොන්න. වැඩි පෝෂණයට අමු ඉඟුරු පෙති කීපයක්‌ හා තලාගත් සුදුළූණු බික්‌ දෙක තුනක්‌ මෙයට එක්‌ කරන්නත් අමතක කරන්න එපා. සුදුසු සහල් වර්ග මොනවාද ? තැම්බූ රතු සහල් යොදා ගැනීම ඉතා සුදුසුය. වී තම්බන විට පොත්තෙහි අඩංගු විටමින් බී ආදිය සහල් ඇටයට තදින් ඇලේ. එබැවින් පාහින විට හෝ සෝදන විට එම පෝෂ්‍ය පදාර්ථ ඉවත් නොවේ. එහෙත් කැකුළු හාල්වල නිවුඩ්ඩ සේදීමේදී ඉවත්ව යන නිසා එම පෝෂ්‍ය පදාර්ථ ශරීරයට නොලැබී යයි. හාතාවාරිය උපුටා ගැනීම : kitchen.tharunaya.us

කැරමල් කෝපි

Image
හැන්දෑවට නිවාඩු පාඩුවේ කෝපි කෝප්පයක් රස විඳින්න හිතාගෙන ඉන්න ඔයාට හරිම පහසුවෙන් රසවත් කෝපි කැරමල් එකක් සාදා ගන්නා හැටි තමයි අද අපි කියලා දෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය     කිරි මිලි ලීටර් 500     බිත්තර 5     සීනි ග‍්‍රෑම් 200     වැනිලා තේ හැඳි 4     කෝපි තේ හැඳි 1 සාදන ක‍්‍රමය ඇළුමිනියම් තැටියක් ගෙන සීනි ග‍්‍රෑම් 100ක් දමා කැරමල් එකක් සාදාගන්න. ඉතිරි සීනි සහ කිරි දමා රත් කරගන්න. ලිපෙන් ඉවතට ගෙන නිවුණු පසු බිත්තර සහ වැනිලා දමා හොඳින් බීට් කරගෙන කිරි එකට දමා ඇළුමිනියම් තැටියට පෙරා ගන්න. අවසානයේ තැටිය තෙල් කඩදාසියකින් හෝ ඝන පොලිතින් එකකින් වසා ස්ටීම් කර ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

පේර බීම

Image
අවශ්‍ය ද්‍රව්‍ය : හොඳට ඉදුණු ලොකු පේර ගෙඩි 4 පොල් කිරි කෝප්ප 1 සීනි හෝ හකුරු ලුණු ස්වල්පයක් සාදන ක්‍රමය පේර හොඳට පොඩි කර බ්ලෙන්ඩරයකින් පෙරා ඇට ඉවත් කොට රස අනුව සීනි හෝ හකුරු දමා එයට පොල් කිරි ද එකතු කරන්න.පසුව රස අනුව ලුණු එක් කරන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ඇපල් වයින්

Image
අවශ්‍ය ද්‍රව්‍ය ඇපල් - 1kg උණු වතුර - 3.7 l සීනි - 1 1/2 kg ගෙඩි දෙකක පමණ ලෙමන් යුෂ යීට්ස් - 15 g සාදන ආකාරය :- ඇපල් පොතු සමඟ කුඩාවට කපා උණු වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කර දින 4ක් පමණ තබා යුෂ ලබා ගන්න. පසුව මෙම යුෂ පෙරා සුදුසු භාජනයකට දමා සීනි, යීස්ට් සහ ලෙමන් දමා උණුසුම් ස්ථානයක තබන්න. දැන් එම මිශ්‍රණය පැසෙන විට හොඳින් කූරු ගා ගන්න (හැඳි ගාන්න) පසුව නැවතත් වෙනත් භාජනයකට පෙරා නැවතත් දින 3 - 4 වසා තබන්න. අවසානයේ වයින් වර්ණය ලබා ගැනීමට සීනි ටිකක් කැරමල් කර එයට එකතු කර ගන්න. නියම පදම ලබා ගැනීම සඳහා මාස 4 - 6 ක් පමණ තැබිය යුතුය.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කූල් දොඩම්

Image
මේ උෂ්ණ කාලයේ ඔබේ පිපාසය සංසිඳුවන්න කාටත් ඉතාම පහසුවෙන් සාදා ගන්න පුළුවන් රසවත් කූල් දොඩම් පානයක් තිබුණොත් පංකාදුයි නේද? ගම්මිරිස් දමපු රසවත් කූල් දොඩම් වීදුරුවක රස ඔබත් හදලම බලන්නකෝ. අමුත්තන්ට පිළිගන්වන්නත් කදිමයි. මේ දේවල් අවශ්‍යයි දොඩම් ගෙඩි - 3-4 රස පදමට සීනි ගම්මිරිස් තේ හැඳි - 1/2 ලුණු ටිකක් යහමින් අයිස් වතුර වීදුරු - 1 සාදන්නේ මෙහෙමයි දොඩම් ගෙන දෙකට පලා ඉස්ම මිරිකා ගන්න. (උඩ පොත්ත සුද්ධ කරගතහොත් වඩාත් සුදුසුයි) මේ සඳහා පැණි දොඩම්, දෙහි, හීන් නාරං යන ඕනෑම වර්ගයක් ගන්න පුළුවන්. පසුව මිරිකා ගත් දොඩම්වලට ගම්මිරිස්, ලුණු, සීනි දමා හොඳින් කළවම් කරගන්න. දැන් එයට වතුර සහ අයිස් එක්කර හොඳින් කළවම් කර බීමට ගන්න. බ්ලෙන්ඩරයේ දමා කළවම් කර ගැනීම සුදුසු නොවේ. අයිස් කැට පිටින් පිළිගන්වන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

කොහිල අල කැඳ

Image
අවශ්‍ය දෑ: පොතු සුද්ද කර ගත් කොහිල අල - 250 g ක්  නිවුඩු කැකුළු හාල් -150 g ක්  ගා ගත් පොල්  සුදුලුනු - බික් 2ක්  රතුළුණු - ගෙඩි 4ක්  කරපිංචා - ඉති 4ක් පමණ  ඉඟුරු  ලුණු (අවශ්‍ය පමණට) සාදා ගන්නා අයුරු: මුලින්ම කොහිල අල කුඩා කැබලි වලට කපා, ගා ගත් පොල් ද, කරපිංචා ද එක්කර හොදින් කොටා මිරිකා, ඒ යුෂ ඔයාගේ පසෙකින් තබා ගන්න. ඉන්පසු, සහල් හොදින් සෝදා අවශ්‍ය පමණට වතුර දමා, සුදුලුනු, රතුළුණු හා ඉගුරු ද එකතු කර ලිපේ තබන්න. බත හොදින් ඉදුණු පසු, අර කොහිල යුෂ (කොහිල අල මිශ්‍රණය) එයට දමා, ලුණුද එක් කර එය ලිප තබන්න. මේ මිශ්‍රණය හොදින් නටවා ලිපෙන් බා ගන්න.

බිත්තර සෝඩා

Image
අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 1ක් කිරි අඬු කෝප්ප 1 සීනි තේ හැඳි 1 සෝඩා බෝතල් 1/2ක් සාදන ආකාරය බිත්තරය සහ සීනි හොඳින් බිට් කරගන්න. දැන් එයට කිරිද එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් සෝඩා ද මිශ්‍රකර හොඳින් කලවම් කර බිමට ගන්න. මෙය සාදාගත යුත්තේ බිමට ඉතාම ආසන්නයේදීය.  උපුටා ගැනීම : kitchen.tharunaya.us