කොහිල අල කැඳ
අවශ්‍ය දෑ:
- පොතු සුද්ද කර ගත් කොහිල අල - 250 g ක්
- නිවුඩු කැකුළු හාල් -150 g ක්
- ගා ගත් පොල්
- සුදුලුනු - බික් 2ක්
- රතුළුණු - ගෙඩි 4ක්
- කරපිංචා - ඉති 4ක් පමණ
- ඉඟුරු
- ලුණු (අවශ්‍ය පමණට)
සාදා ගන්නා අයුරු:
මුලින්ම කොහිල අල කුඩා කැබලි වලට කපා, ගා ගත් පොල් ද, කරපිංචා ද එක්කර හොදින් කොටා මිරිකා, ඒ යුෂ ඔයාගේ පසෙකින් තබා ගන්න. ඉන්පසු, සහල් හොදින් සෝදා අවශ්‍ය පමණට වතුර දමා, සුදුලුනු, රතුළුණු හා ඉගුරු ද එකතු කර ලිපේ තබන්න. බත හොදින් ඉදුණු පසු, අර කොහිල යුෂ (කොහිල අල මිශ්‍රණය) එයට දමා, ලුණුද එක් කර එය ලිප තබන්න. මේ මිශ්‍රණය හොදින් නටවා ලිපෙන් බා ගන්න.
Comments
Post a Comment