කැරමල් කෝපි
හැන්දෑවට නිවාඩු පාඩුවේ කෝපි කෝප්පයක් රස විඳින්න හිතාගෙන ඉන්න ඔයාට හරිම පහසුවෙන් රසවත් කෝපි කැරමල් එකක් සාදා ගන්නා හැටි තමයි අද අපි කියලා දෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය කිරි මිලි ලීටර් 500 බිත්තර 5 සීනි ග‍්‍රෑම් 200 වැනිලා තේ හැඳි 4 කෝපි තේ හැඳි 1 සාදන ක‍්‍රමය ඇළුමිනියම් තැටියක් ගෙන සීනි ග‍්‍රෑම් 100ක් දමා කැරමල් එකක් සාදාගන්න. ඉතිරි සීනි සහ කිරි දමා රත් කරගන්න. ලිපෙන් ඉවතට ගෙන නිවුණු පසු බිත්තර සහ වැනිලා දමා හොඳින් බීට් කරගෙන කිරි එකට දමා ඇළුමිනියම් තැටියට පෙරා ගන්න. අවසානයේ තැටිය තෙල් කඩදාසියකින් හෝ ඝන පොලිතින් එකකින් වසා ස්ටීම් කර ගන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us